මහ / අමුපිටිය ජාතික පාසල

මහනුවර

"පොතින් පොතට සිහින මවමු" කියවීම් කඳවුර සහ සාහිත්‍යය උත්සවය

ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය 2024

WhatsApp Image 2024-09-18 at 18.03.41.jpeg
WhatsApp Image 2024-09-18 at 18.03.41.jpeg

පෝතක බාලදක්ෂ කණ්ඩායම

ලෝකය පුරා ව්‍යාප්ත වී ඇති පැරණිම ළමා හා තරුණ ව්‍යාපාරය ලෙස බාලදක්ෂ සංවිධානය හැඳින්විය හැක.කුඩා කළ පටන් දරුවා අනාගත ලෝකයට පුහුණු කිරීම වස් මහ/අමුපිටිය ජාතික පාසලේ වයස අවුරුදු 5-7ත් අතර සිසුන් සඳහා 2022 වර්ෂයේ දී "සිඟිති බාලදක්ෂ" ගොමුවක් ආරම්භ කරන ලදි. වත්මන් සමාජයේ තරගකාරී අධ්‍යාපන රටාව සමඟ අවුරුදු 5-7 අතර සිසුන්ගේ කායික වෙනස්කම් මානසික චිත්ත වේග ස්වභාවය හා අභිරුචීන් සැලකිල්ලට ගනිමින් ඒකාකාරී අධ්‍යාපනයෙන් මිදී සිසුන් තුළ කුසලතා වර්ධනය කිරීම ,  අනාගත ලෝකයට නිපුණතා සපිරි යහපත් පුරවැසියෙකු බිහි කිරීම ආදිය අරමුණු කර ගනිමින් පාසල තුළ ආරම්භ කළ මෙම සිඟිති ගොමුවෙ සාමාජිකයින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වන ලද "පළමු ජාතික කිඩෝරියට" 2022 වසරේදී සහභාගී වීමට ද වාසනාවන්ත වූහ. දිනුම සහ සතුට පදක්කම සඳහා හිමිකම් කියු මහ/අමුපිටිය ජාතික පාසලේ පළමු සිඟිති ගොමුව අද වන විට පෝතක බාලදක්ෂ කණ්ඩායමේ සාමාජිකත්වය ලබා ඇත.පාසලේ දෙවන සිඟිති බාලදක්ෂ ගොමුව දැනට පාසල තුළ  ආරම්භ කර ඇති අතර වර්ෂාවසානයට පෙර සාමාජික පදක්කම් ලබා ගැනීමට අවශ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරමින් සිටිති.