විදුහල්පති පණිවිඩය
ලුතිනන් කර්නල් එස්.එම්.ජේ.කේ.කුඹුක්දෙණිය
වර්තමාන ලෝකයේ දියුණු රටවල අධ්‍යාපන ක්‍රමය සකස් වී ඇත්තේ නවීන තාක්ෂණයන් අධ්‍යාපනික ක්‍රමය සමඟ ඒකාබද්ධ කිරීම හරහාය. පාසල් පද්ධතියේ 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා විවිධ විෂයයන් ඉගෙනගැනීමේ හා තොරතුරු කළමනාකරණයේ මෙවලමක් ලෙසද, අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ සඳහා පූර්ණ විෂයයක් ලෙසද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනියි. ඒ අනුව පාසල තුළද මෙම තාක්ෂණය භාවිත කරමින් ඉදිරි අනාගතයට දරුවා හැඩ ගැස්වීම අප විසින් සිදු කළ යුත්තකි. පොත පතට සීමා වී තිබු පන්තිකාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමය අද වන විට සම්පූර්ණයෙන්ම තාක්ෂණය හරහා සිදු කෙරෙන වටපිටාවක් නිර්මාණය වී ඇති මොහොතක අධ්‍යාපනික වෙබ් අඩවි පරිශීලනය හරහා සිසු පරපුර දැනුම සොයා යාමෙන් අභියෝග සාර්ථකව ජය ගනිමින් සිටිති. පාසල් ප්‍රජාව සමඟ අදහස් හා තොරතුරු හුවමාරුව සඳහාද මෙම වෙබ් අඩවිය මහත් රුකුලක් වනු නොඅනුමානය.
මෙම වෙබ් අඩවිය නිර්මාණය සඳහා දායක වූ සැමට ස්තුතිය පිරිනමන අතර, පාසල සමඟ සම්බන්ධව කටයුතු කරන සියලුම පාර්ශ්වයන්ට මහ / අමුපිටිය ජාතික පාසලේ වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
ලුතිනන් කර්නල් එස්.එම්.ජේ.කේ.කුඹුක්දෙණිය
විදුහල්පති
මහ / අමුපිටිය ජාතික පාසල.





