නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ඊ.එම්.රේණුකා කුමාරි ඒකනායක මිය
සුන්දර කඳු වළල්ලකින් වට වූ සෞම්‍ය පරිසරයකට උරුමකම් කියන මහ /අමුපිටිය ජාතික පාසල මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය අධ්‍යාපන කලාපයේ පිහිටි ජාතික පාසල් වලින් එකකි. එදා මෙදා තුර පාසල් ඉතිහාසයේ දැවැන්තයෙන් බිහිකරමින් වර්තමානය වන විට තාක්ෂණික පහසුකම් යටතේ සිසු දරු දැරියන්ගේ ඉගෙනුම් කටයුතු සිදු කරන විද්‍යාලයක් ලෙස හැඳින්විය හැක.
අප විද්‍යාලයේ වෙබ් අඩවිය සකස් කිරීම හරහා විද්‍යාලයේ සුභසිද්ධිය පතන පාසල් උන්නතියට දායකත්වය දැක්වීමට කැමැති බාහිර පාර්ශ්වකරුවන්ට දොරටු විවර කිරීමට හැකි වනු ඇත. ඒ සඳහා සහයෝගය දක්වන්නට ඔබ සැමට ආරාධනා කර සිටිමි. මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා උරඳුන් සෑම දෙනාටම මාගේ හද පිරි ප්‍රණාමය පුදකරන අතර විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී රටට අවැසි ගුණගරුක පුද්ගලයෙක් බිහිවේවායි හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිමි.
ඊ.එම්.රේණුකා කුමාරි ඒකනායක මිය
නියෝජ්‍ය විදුහල්පති (සංවර්ධන)
මහ /අමුපිටිය ජාතික පාසල.





