කන්ද උඩරට සෙන්කඩගල පුරවරයේ දුම්බර මිටියාවතෙන් නක්ලස් කදුපාමුල නෛකශ්‍රින් විරාජමාන සුන්දර සිත්කලු සොබා දහම් දිනිතියගේ දායාදයක් බදු වූ අමුපිටිය නම් ගම් පියසේ පිහිටි දසදහස් ගණන් සිසුකැළට නැණනෙතු පෑදු මහ/ අමුපිටිය ජාතික පාසල් මෑණියන් ආරම්භක අවධියේ අනෙක විධ බාධා මධ්‍යයේ ආරම්භ වුවකි. ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව පැවති අධ්‍යාපනය මිෂනාරී් නතුව තිබු විසිවන සියවසේ මුල්භාගයේ සිංහල බෞද්ධ දරුවන්ගේ නැණ පහන් දල්වාලීමට 1908 වර්ෂයේ නොවැම්බර් මස 04 වන දින අමුපිටිය විහාරාධිපති ගරු මකුල්දෙණියේ ශ්‍රී ශීලාලංකාර හිමිපාණන් වහන්සේගේ පැවිදි සොහොයුරු අතරගල්ලේ ශ්‍රී ධීරානන්ද හිමිපාණන් වහන්සේ (ගෝණාගම ලොකු හාමුදුරුවෝ) විහාරයට උතුරු දෙසින් පාසල ආරම්භ කර ඇත.
අතරගල්ලේ ශ්‍රී ධීරානන්ද හිමිපාණන් වහන්සේගේ අනුශාසනය පරිදි සිරිදිගනේ ජිනසේන මහතා ගබ්බෙල හිතවතෙකු සමග එක්ව පොල් අතු සෙවිලි කර පොල් අතු අසුරා ගොඩනැගිල්ලක් ඉදි කර ඇත. පාසල ආරම්භ කිරීමටත් පෙර විරුද්ධවාදීන් පිරිසක් එය ගිනිබත් කර ඇත. එයින් අධෛර්යමත් නොවු පිරිස නැවත එම ගොඩනැගිල්ල ඉදි කොට පාසල ආරම්භ කොට ඇත.





